English English සිංහල සිංහල தமிழ் தமிழ்

කොළඹ ආරක්ෂාව තවදුරටත්

Facebook
Twitter
LinkedIn

කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල ඊයේ පස්වරුවේ සිට තර කළ ආරක්ෂක රැකවල් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ පිළිබඳ ඉදිරි තීරණ ක්‍රියාත්මක කරනු ලබන්නේ පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව බව බස්නාහිර පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

ඊයේ වාර්තා වූයේ රජයට දැඩි බලපෑමක් ඇති කිරීමේ සූදානමක් ඇති බවට ලද බුද්ධි තොරතුරක් හේතුවෙන් මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි.

අද පෙරවරුව වනවිටත් කොළඹ මර්මස්ථාන ඇතුළු මාර්ග සහ ස්ථාන රැසක දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.

මීට අමතරව, කොළඹ විශ්වවිද්‍යාල අවට සහ ඒ ආශ‍්‍රිත මාර්ගවල මෙන්ම, එම විශ්වවිද්‍යාලයට අයත් පීඨ ආශ‍්‍රිතව පොලීසිය කැරලි මර්දන ඒකක සහ යුද හමුදාව යොදා තිබූ බව සඳහන්.

මෙලෙස ආරක්ෂාව තර කිරීමට හේතුවී ඇත්තේ රජයට දැඩි බලපෑමක් එල්ල කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට රජයේ ඉහළම තැන් වෙත ලැබී ඇති බුද්ධි තොරතුරක්.

ආරක්ෂාව භාර රජයේ ඉහළම ප‍්‍රධානියෙකු සඳහන් කළේ එය කොළඹ විශ්ව විද්‍යාලය මුල් කරගනිමින් ක්‍රියාත්මක වන බවට බුද්ධි තොරතුරුවල සඳහන්ව ඇති බවයි.

ඒ හේතුවෙන් කොළඹ නගරයේ වැදගත් ස්ථාන රැසකට පොලිසියට අමතරව, සහ ත්‍රිවිධ හමුදාව යොදවා ආරක්ෂාව තර කළ බවද ඔහු සඳහන් කළා.

ආරක්ෂක පියවර ගැනීමත් සමග කොළඹ විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට තිබූ රජයට බලපෑම් කිරීමේ උත්සහය මේ වන විට අසාර්ථක වී ඇති බවද එම ප‍්‍රධානියා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000