English English සිංහල සිංහල தமிழ் தமிழ்

කළුතර සිසුවිය මුදලට විකිණූ බව අධිකරණයේදී හෙළිවේ.

Facebook
Twitter
LinkedIn

කළුතර ලැගුම්හලක ඉහළ මාලයෙන් ඇද වැටී මියගිය පාසල් සිසුවිය මුදලට අලෙවිකර ඇති බව කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද අනාවරණය වුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කළේ අදාළ සිසුවිය ප‍්‍රධාන සැකකරුට මුණ ගැස්වීම සඳහා මියගිය දැරියගේ මිතුරියගේ පෙම්වතා රුපියල් 20,000 ක මුදලක් ඉල්ලා ඇති බවයි.

ඒ අනුව ප‍්‍රධාන සැකකරු අත්තිකාරම් වශයෙන් රුපියල් 12,000 ක් අදාළ තරුණයාගේ ගිණුමට බැර කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙහිදී කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නීතා හේමමාලි හාල්පාන්දෙණිය නියෝග කළේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මියගිය පාසල් දැරියගේ 19 හැවිරිදි මිතුරිය, ඇගේ පෙම්වතා සහ ප‍්‍රධාන සැකකරුගේ රියදුරා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

ජාතික හැදුනුම්පත නිසි ලෙස පරීක්ෂා නොකර බාල වයස්කාර දැරියකට හෝටලයේ නවාතැන් දීමේ චෝදනාවට රක්ෂිත බන්ධාගාර ගතකර සිටි ගොඩනැගිල්ලේ හිමිකරුගේ බිරිඳ රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට එහිදී නියෝග කෙරුණා.

සිද්ධියේ ප‍්‍රධාන සැකකරු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය අද අවසර ලබාදුන්නේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සියලූ සැකකරුවන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමටයි.

එසේම සැකකරුවන්ගේ බැංකු ගිනුම් පිළිබඳ වාර්තාවක් ලබාගැනීමටද අධිකරණයෙන් අවසර හිමිවුණා.

සැකකරුවන්ගේ නීතිඥයින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට විරෝධය පළකළා.

දැඩි රැකවල් මධ්‍යයයේ සැකකරුවන් අධිකරණයට රැගෙන ආ අතර මියගිය සිසුවියගේ මව ඥාතීන් සහ ප‍්‍රදේශවාසින් සිසුවියට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයකද නිරත වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000