English English සිංහල සිංහල தமிழ் தமிழ்

ෂාෆිගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

Facebook
Twitter
LinkedIn

තමන් අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප‍්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදෙනු ලැබුවේ ඊට අදාළ කරුණු දීර්ඝ ලෙස සළකා බැලීමෙන් අනතුරුවයි.

කුරුණෑගල පොලිසියේ නිලධාරීන් විසින් තමන්ව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මුදල් විශුද්ධිකරණය යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බව පවසමින් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණා.

මෙහිදී තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සාක්ෂි කිසිවක් අනාවරණ වී නොමැති බව ෂාෆි ෂිහාබ්දීන්ගේ නීතීඥවරයා කරුණු දක්වා සිටි අතර, විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ කියාසිටියේ පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වී සති දෙකකින් පසු පෙත්සම්කරුගේ බැංකු ගිණුම මගින් විශාල මුදලක් හුවමාරු වී ඇති බවයි.

එබැවින් විමර්ශකයන් තුළ සාධාරණ සැකයක් මතුවීම සාධාරණ බැවින් අදාළ මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවයි විනිසුරුවරුන් දෙදෙනා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000