English English සිංහල සිංහල தமிழ் தமிழ்

ජෙරොම් දේවගැති දිවයිනට පැමිණි පසු අත්අඩංගුවට

Facebook
Twitter
LinkedIn

ආගමික සංහිදියාවට බාධා එල්ල වන ආකාරයේ ප‍්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින දේවගැති ජෙරොම් ප‍්‍රනාන්දු දිවයිනට පැමිණි පසු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

මේ අතර දේවගැති ජෙරොම් ප‍්‍රනාන්දු සිය ඉන්ස්ටර්ග‍්‍රෑම් ගිනුමේ සටහනක් තබමින් ප‍්‍රකාශ කර ඇත්තේ තමන් එළැඹෙන ඉරිදා දින යළිත් දිවයිනට පැමිණෙන බවයි.

ඔහු විසින් බුදුන්වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරුවන අයුරින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ ඒ පිළිබඳව දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

එවන් පසුබිමක ඔහුගේ මෙම ප‍්‍රකාශ පිළිබඳ විවිධ සංවිධාන සහ පුද්ගලයින් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ද ගොනු කළේ විමර්ශන සිදුකරන ලෙස ඉල්ලමින්.

එමෙන්ම ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායකට උපදෙස් ලබාදී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට දැනුම් දෙන ලෙසයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී ජෙරම් ප‍්‍රනාන්දු දේවගැතිවරයා සම්බන්ධයෙන් කොටුම මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර එහිදී අධිකරණය ඔහුට රටින් පිටවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළා.

කෙසේ වෙතත් ඒ වන විට ඔහු රටින් පිටවී සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සිංගප්පූරුවේ රැඳි සිටිමින් ජෙරම් ප‍්‍රනාන්දු දේවගැතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ තමන් ලබන ඉරිදා යළි දිවයිනට පැමිණීමට නියමිත බවයි. දේවගැති ජෙරොම් ප‍්‍රනාන්දු අවස්ථා කිහිපයකදී මෙරට දේව මෙහෙයන් පවත්වා තිබෙනවා.

ඊට සිම්බාබ්වේ දේවගැතිවරයෙකු ගෙන්වා දේශන පවත්වා ඇති අතර ඔහුට එරෙහිව රත‍්‍රං ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා පවා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000