
දකුණු මුහුදේ සිදුකළ වැටලීමකින් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවෙහි තිබී හෂීස් තොගයක් ද සොයා ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කළේ හෙරොයින් කිලෝග්‍රෑම් 111 ට අමතරව හෂීස් කිලෝ ග්‍රෑම් 10 ක් ද මෙහිදී සොයා ගත් බවයි.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් කෝටි 250 කට අධික වනවා.
රාජ්‍ය බුද්ධි සේවාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුවයි දකුණු මුහුදේ අද අලූයම මෙම වැටලීම සිදුකළේ.
අදාළ බහුදින ධීවර යාත්‍රාව මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා ද එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවටයි වාර්තා වන්නේ.