English English සිංහල සිංහල தமிழ் தமிழ்

වැලිකඩ පොලිසියේ හතරකගේ වැඩ තහනම්.

Facebook
Twitter
LinkedIn

වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ උපදෙස් මත අද සිට ක‍්‍රියාත්මක වන පරිදියි.

එමෙන්ම වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් එම කාන්තාව මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිසියේ නිලධාරීන් හතරදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

තවත් නිලධාරීන් තුන්දෙනෙකු වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

එමෙන්ම වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරන්නේ ද නැතහොත් ස්ථාන මාරු සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා වන නිර්දේශ ලබාදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියා.

පසුගිය 11 වනදා ආර්. රාජකුමාරි නම් මෙම කාන්තාව වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඇය සේවය කළ නිවසේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන්. ඒ, අදාළ නිවසේ හිමිකාර කාන්තාව වන ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට නිෂ්පාදිකාවකගේ පැමිණිල්ලකට අනුවයි.

අත්අඩංගුවට ගත් දින රාත‍්‍රියේදී වැලිකඩ පොලිස් ස්ථානය තුළදී ඇය රෝගාතුරවී ඇති අතර, පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි පොලිසිය පියවරගෙන තිබුණේ. එහෙත් රෝහල් ගතකරන විටත් එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ නම වැලිකඩ පොලිසියේ රඳවා තබාගැනීමේ නාමලේඛනයට ඇතුළත් කර නොමැති බව ඊයේ වැලිකඩ පොලිසිය අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල වෙත දැනුම්දුන් බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මියගිය කාන්තාවගේ සැමියා තම බිරිඳගේ මරණය සැක සහිත බවත්, ඒ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙසත් ඉල්ලා මෝසමක් ගොනු කර තිබූ අතර, එය කැඳවූ අවස්ථාවේ වැලිකඩ පොලිසිය සිද්ධිය පිළිබඳ අධිකරණයට කරුණු දක්වා සිටියා. මියගිය කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිද්ධිය පිළිබඳ විමර්ශන වෙනත් උසස් පොලිස් නිලධාරියෙකුට යටතට භාර කරන ලෙසයි.

එමෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රඳවා තබන්නේ නම් පොලිසිය විසින් ඒ පිළිබඳ නාමලේඛනයක් පවත්වාගෙන යන අතර, එම නාමලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී වැලිකඩ පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ එම නාමලේඛනයේ අදාළ කාන්තාවගේ නම ඇතුළත් නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000