
ඉන්දියාව, ප්‍රංශය සහ ජපානයේ සම සභාපතිත්වයෙන් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ණය ගැටළු විසඳීමේ වැඩපිළිවෙළ පිළිගන්නා බව ජී-හත සමුළුව ඒකාබද්ධ නිවේදනයකින් ප්‍රකාශ කළා.
එසේම මධ්‍යම ආදායම් ලබන රටවල ණය ප්‍රශ්න විසඳීම පිළිබඳ බහු පාර්ශවික ප්රයත්නයන් සහිත සාර්ථක ක්‍රමවේදයක් කඩිනම් පිළියමක් ලෙස අවශ්‍ය බවයි එහිදී ජී-හත නායකයන් අවධාරණය කර ඇත්තේ.
අදාළ සාකච්ඡා මෙහෙයවීමේ ක්‍රියාවලිය අගය කරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.