
යල කන්නයේ වී වගාකරන ගොවීන් හයලක්ෂ 50,000 කට පොහොර මිලදී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම හෙට සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව වී වගාකරන හෙක්ටයාරයකට රුපියල් 20,000 ක් හා හෙක්ටයාර දෙකක් සඳහා රුපියල් 40,000 ක් වශයෙන් සහනාධාර මුදලක් ලබාදීමට නියමිතයි.