English English සිංහල සිංහල தமிழ் தமிழ்

දේවගැති ජෙරොම් සමාව ඉල්ලයි

Facebook
Twitter
LinkedIn

තමන් සිදුකළ ප‍්‍රකාශයකින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහෝදර ජනතාවගේ සිත් රිඳවීමක් සිදුවී ඇත්නම් ඊට තමන් සමාව ඉල්ලන බව දේවගැති ජෙරොම් ප‍්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ මිරිහාන ප‍්‍රදේශයේ උත්සවශාලාවක පැවති ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින්.

දේවගැති ජෙරොම් ප‍්‍රනාන්දු විසින් කරන ලද ප‍්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එය රට තුළ දැඩි කථාබහට ලක්වුණේ අදාළ ප‍්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරුවන බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කිරීමත් සමඟයි.

ඒ අනුව ඔහුගේ එම ප‍්‍රකාශය පිළිබඳ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර, විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබෙනවා. එසේම ඔහුගේ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ක‍්‍රියාත්මකයි.

එවන් පසුබිමක් තුළ කටුනායක පිහිටි මිරැකල් ඩෝම් සම්මේලන මධ්‍යස්ථානයේ අද ආගමික දේශනයක් පැවැත්වෙන බවට ඔහු මීට පෙර සිය සමාජ මාධ්‍යවල සටහනක් පළ කර තිබුණා.

කෙසේ වෙතත් ඔහු එම රැස්වීම අවලංගු කර තිබූ අතර, ඉන් අනතුරුවයි එය දෙහිවල පැවැත්වෙන බවට සටහනක් තබා තිබුණේ. එහෙත් එයද අවලංගු කර පසුව අදාළ ආගමික දේශනය මිරිහාන ප‍්‍රදේශයේ ස්ථානයක පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

එහිදී ආගමික දේශනයට දේවගැති ජෙරොම් ප‍්‍රනාන්දු අන්තර්ජාලය ඔස්සේ එක්ව සිටියා. එහිදී ඔහු කියා සිටියේ තමන් අනිවාර්යයෙන්ම මෙරටට පැමිණෙන බවත් ඊට අදාළව තම නීතිඥවරුන් ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000