English English සිංහල සිංහල தமிழ் தமிழ்

බැංගලෝර් පරාජයෙන් මුම්බායි IPL අවසන් වටයට

Facebook
Twitter
LinkedIn

ඉන්දීය ප‍්‍රිමියර්ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගය ජයගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගත්තා.

මීට පෙර  අවසන් වටය සඳහා ගුජරාට් ටයිටන්ස්, චෙන්නායි සුපර් කිංග්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා තිබුණා.

ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර අවසන් වටයේ පළමු තරගය හෙට පැවැත්වෙන අතර, ඉන් ජයගන්නා කණ්ඩායම අයි.පී.එල්. අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.

පසුව අනිද්දා අවසන් වටයට සුදුසුකම් ලැබූ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් තරග වදින අතර, ඉන් ජයගන්නා කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම සමඟ තරග වැදිය යුතු වනවා.

අනතුරුවයි ඉන් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට එක්වන්නේ.

කෙසේ වෙතත්, ඊයේ පැවති තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදවා කඩුලූ අටක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන් රයිසස් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලූ පහක් දැවී ලකුණු 200 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දු වාර 18 ක් තුළ ජයග‍්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලූ දෙකක් පමණක් දැවී තිබියදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000