 
                            ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් පරිදි ‘‘අස්වැසුම’’ සමාජ සුබසාධන ප‍්‍රතිලාභ ඍජුවම ප‍්‍රතිලාභීන්ගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සුබසාධක ප‍්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න පවසනවා. ලබන ජූලි මස සිට මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.
අස්වැසුම සුබසාධක ප‍්‍රතිලාභ වැඩසටහන යටතේ සමාජයේ පහළම ආදායම් ලබන සියයට 40 ක පිරිසකට කාණ්ඩ 4 ක් ඔස්සේ මූල්‍ය ආධාර ලබාදීමට නියමිත අතර, අන්ත දිළිඳු කාණ්ඩයේ සිටින පවුල් සඳහා මාසිකව රුපියල් 15,000 ක් රජය මගින් ලබාදීමට නියමිතව තිබෙනවා.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                