English English සිංහල සිංහල தமிழ் தமிழ்

උපයෝගීතා කොමිස⁣මේ ජනකගේ ඉරණම තීරණය වන මැතිසබයේ ඡන්දය හෙටයි

Facebook
Twitter
LinkedIn

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකට ඉවත් කිරීමට අදාළව පාර්ලිමේන්තුවේ හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඔහුට සහය පළ කරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කළා. උත්තර ලංකා සභාගය මෙන්ම නිදහස ජනතා සභාවද එම යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කරන බවයි ප‍්‍රකාශ කර තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට චෝදනා පත‍්‍රය සකස් කළ බව අමාත්‍ය කංචන විජේසේකර පළමුව ප‍්‍රකාශ කළේ පසුගිය ජනවාරි 29 වනදායි. තමන් ඊට මුහුණදීමට ඉතා උනන්දුවෙන් සිටින බව සභාපතිවරයා එදිනම ප‍්‍රකාශ කළා.

මේ අතර අධිකරණ නියෝගයක් මත උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ කොල්ලූපිටියේ කාර්යාලයට පොලිසිය මුද්‍රා තැබුවේ පෙබරවාරි 16 වනදායි.

එසේම මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ඔහු මාර්තු 10 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනු කළා.

එවන් මතවාදී ගැටළු මතුවූ තත්වයක් තුළයි ඔහු තනතුරෙන් ඉවත් කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ. එය හෙට විවාදයට ගැනීමට පසුගිය 11 වනදා පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණා.

2002 අංක 35 දරණ ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත යටතේ ස්ථාපිත මෙම කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉවත් කිරීම සඳහා නොපැමිණි මන්ත‍්‍රීවරුන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් විසින් සම්මත කළ යෝජනාවක් අනුමත කරගත යුතුයි.

මේ අතර නව විදුලි ගාස්තුව ජූනි මස 30 වන දින ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඒ සඳහා ජූනි මස 20 වන දින දක්වා මහජන අදහස් විමසීමටයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.

ලංකා විදුලිබල මණ්ඩලය මගින් දැනට ඉදිරිපත් කර ඇති සියයට 3 ක විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව සහ කොමිෂන් සභාව ඉදිරිපත් කරන විකල්ප යෝජනා සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් මෙහිදී විමසනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000