English English සිංහල සිංහල தமிழ் தமிழ்

උපයෝගීතා කොමිසමේ ජනක දොට්ට දැමේ

Facebook
Twitter
LinkedIn

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සම්මත වුණා. අදාළ යෝජනාවට පක්ෂව ඡුන්ද 123 ක් ලැබුණු අතර ඊට එරෙහිව ඡන්ද 77 ක් ලැබී තිබුණා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ මන්ත‍්‍රීවරුන්ද යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළා.

සමගි ජනබලවේගය යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතකළ අතර එම පක්ෂයේ වඩිවේල් සුරේෂ් මන්ත‍්‍රීවරයා මෙන්ම ඒ.එච්.එම් ෆවුසි මන්ත‍්‍රීවරයා යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂත්වයක්.

උත්තර ලංකා සභාගය මෙන්ම නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ද ඊට විපක්ෂව ඡුන්දය ලබාදීමටයි කටයුතු කළේ. ජාතික ජනබලවේගය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ද ඡන්දය ලබාදුන්නේ යෝජනාවට එරෙහිවයි.

එසේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කළත් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මෙන්ම නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්නා.

එසේම නීතිවිරෝධි ලෙස රත‍්‍රං සහ ජංගම දුරකථන තොගයක් දිවයිනට රැගෙන පැමිණි අලි සබි‍්‍ර රහීම් මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණි සිටි අතර ඔහු යෝජනාවට විපක්ෂව ඡන්දය  භාවිත කළා.

අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ බවට පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර වෙත දැනුම් දීමෙන් පසුවයි සභාපතිවරයා ඉවත් කරනු ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000