/
/
title icon
විල්පත්තු වන විනාශයට ගෙවන්න කියූ මුදල් නොගෙවූ “රිෂාඩ් බදියුදීන්ට” නොතීසි
විල්පත්තු වන විනාශයට ගෙවන්න කියූ මුදල් නොගෙවූ “රිෂාඩ් බදියුදීන්ට” නොතීසි
Editor
1 year ago
Share:
විල්පත්තු වන විනාශයට ගෙවන්න කියූ මුදල් නොගෙවූ “රිෂාඩ් බදියුදීන්ට” නොතීසි

යුද ගැටුම්වලින් විපතට පත් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ මුවාවෙන් සිදුකළ විල්පත්තු වන සංහාරයේ නැවත වගාව සඳහා නියම කළ මුදල නොගෙවීම හේතුවෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කළා.

2020 නොවැම්බර් 16 වනදා අභියාචනාධිකරණය නියෝග කර තිබුණේ ඊට අදාළව රුපියල් මිලියන 1,067 ක් රජයට ගෙවන ලෙසයි.

කෙසේ වෙතත්, මෙතෙක් හිටපු අමාත්‍යවරයා එම මුදල ගෙවා නොමැති බවයි පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවේ යළි පෙත්සමක් ගොනු කරමින් පෙන්වාදී තිබුණේ.

ඒ අනුව නඩුව අද කැඳවු අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාට එරෙහිව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required