
නැවත දැනුම් දෙනතුරු අරාබි මුහුදු ප‍්‍රදේශයේ යාත‍්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප‍්‍රජාවට දැනුම් දෙනවා.
ඒ, ගිණිකොණදිග අරාබි මුහුදු ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක පීඩන අවපාතය අද මධ්‍යම රාත‍්‍රියේදී සුළි කුණාටුවක් දක්වා ක‍්‍රමයෙන් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින්.
ඒ අනුව ඉදිරි පැය 24 තුල උතුරු අක්ෂාංශ 7 ත් 15 ත් සහ නැගෙනහිර දේශාංශ 62 සහ 68 ත් අතර මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 80 ත් දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අරාබි මුහුද ආශ‍්‍රිත එම මුහුදු ප‍්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින්නේ නම් වහා ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට ඉදිරි නිවේදන පිළිබදව අවධානය යොමුකරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මේ අතර, සබරගමුව පළාත සහ ගාල්ල, මාතර, කළුතර දිස්ත‍්‍රික්කවල ඇතැම් ස්ථානවලට හෙටත් මිලිමීටර 100 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි. එසේම කළුතර දිස්ත‍්‍රික්කයේ වළල්ලාවිට, බුලත්සිංහල සහ අගලවත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට තවදුරටත් නායයෑමේ අවදානම් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්වයෙන් දිස්ත‍්‍රික්ක 05 ක ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 කට බලපෑම් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා.