
පරිහරණය කරන ලද මෝටර් රථ අමතර කොටස් බව පවසමින් මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 35 කට ආසන්න රූපලාවන්‍ය උපකරණ, සුවඳ විලවුන්, මත්පැන්, ආහාර ද්‍රව්‍ය හා විදේශීය දුම්වැටි අඩංගු බහාලූමක් අද රේගු ආදායම් අධීක්ෂණ අංශය භාරයට ගෙන පරීක්ෂා කෙරුණා.
ඩුබායි සිට මෙම භාණ්ඩ කොළඹ – කොටුව – චැතම් වීථියේ ව්‍යාපාරික ආයතනයකට රැගෙනවිත් තිබූ අතර, අදාළ බහාළුමේ තිබී රුපියල් මිලියන 40 කට ආසන්න වටිනාකමකින් යුත් කොටස් කරන ලද මෝටර් රථ 3 ක්ද සොයාගැනුනු බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම භාණ්ඩවල තොරතුරු නිසි පරිදි ප‍්‍රකාශ නොකිරීම නිසා රජයට අහිමිවීමට ගිය බදු මුදල රුපියල් කෝටි 22 කට පමණ ආසන්න වනවා.