
අස්වැසුම සමාජ සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත ඔහු ඉල්ලා අස්වී ඇති බවයි වාර්තාවන්නේ. ඊට අදාළ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇති බවද සඳහන්.
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ සුබසාධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකු වන ජයන්ත විජේරත්න පත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇති බවයි.