
තමා ජනාධිපතිවරයා ලෙස ප්‍රථම වරට පාර්ලිමේන්තුව අමතන්නේ සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ජනාධිපතිවරයා ලෙස සහ සියලුම අගම්වලට ගරුකරන රාජ්‍ය නායකයා ලෙස බව 09 වැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.එසේම රට ගොඩ නැගීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකට එක්වී කටයුතු කළ යුතු බවත් ඒ සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා එක්වන ලෙස යළිත් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.