
ගාලුමුවදොර අරගල කරුවකු ලෙස කටයුතු කළ ධානිෂ් අලි නැමැත්තාට දින 14 සිරදඩුවමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියම කර ඇත.රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම අනුව මෙම සිර දඩුවම් නියම කර තිබේ.ඒ අනුව ඔහු වැලිකඩ බන්ධනාගාරයට මාරුකර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.