
ජාතික ඉන්ධන බලපත‍්‍රය හෙවත් කිව්.ආර්. කේතය සදහා ලියාපදිංචි වී ඇති රථවාහන සංඛ්‍යාව අද වනවිට මිලියන 06 ඉක්මවා තිබෙනවා. ඒ අනුව ලියාපදිංචි වූ රථවාහන අතරින් වැඩිම සංඛ්‍යාව වන තිස් හතර ලක්ෂ 46,328 ක් ලියාපදිංචි වී ඇත්තේ යතුරුපැදියි.
ත්‍රීරෝද රථ නව ලක්ෂ 97,381 ක් කිව්.ආර්. කේතය සඳහා ලියාපදිංචි වී ඇති අතර, මෝටර් රථ හත්ලක්ෂ 19,939 ක් එහි ලියාපදිංචි වී තිබෙනවා.
ලොරි දෙලක්ෂ 83,177 කුත්, බස් රථ 47,128 කුත් කිව්.ආර්. කේතය ලබාගෙන ඇති අතර, මේ වනවිට දිවයින පුරා පිහිටි සිපෙට්කෝ සහ LIOC පිරවුම්හල් 1,249 ක් කිව්.ආර්. කේත ක්‍රමයට අනුගත වී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.