
දැනට හම්බන්තොට වරායේ නැංගුරම් ලා ඇති චීන යුවාන් වැන්ග් ෆයිව් නෞකාව අද පස්වරුවේ මෙරටින් පිටත්ව යාමට නියමිතයි.
පසුගිය 16 වැනිදා එම නෞකාව හම්බන්තොට වරායට පැමිණි අතර, ඉන්දියානු සාගරයේ වයඹ දිග මුහුදේ චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ ගවේෂණ සිදුකිරීමට එම නෞකාව මෙරටට පැමිණ තිබූ බවටයි වාර්තා පළ වුණේ.
යුවාන් වැන්ග් ෆයිව් නෞකාව පසුගිය 10 වනදා දිවයිනට ලඟා වීමට නියමිතව තිබුණද එම ගමන කල් දමන ලෙස ලක් රජය චීනයෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය රජය අප‍්‍රසාදය පළ කිරීමත් සමගයි.
ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව යුවාන් වැන්ග් ෆයිව් පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණි අතර, එය පිළිිගනු ලැබුවේ විශේෂ උත්සවයක්ද පවත්වමින්.