/
/
title icon
පාඨලී දුම්රියෙන් මහනුවරට.
පාඨලී දුම්රියෙන් මහනුවරට.
Editor
2 years ago
Share:
පාඨලී දුම්රියෙන් මහනුවරට.

පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදල් වලින් 10%ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම්, අද මෙරටට නවීකරණය වූ දුම්රිය පද්ධතියක් හා මගී බස්රථ සේවයක් ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ 43 සේනාංකයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක හමුවක් සහභාගී වීමට දුම්රියෙන් මහනුවර බලා යමින් සිටියදීයී.

රට තුළ ඇති වූ විදේශ සංචිත හිගයත් සමඟ ශ්‍රී ලංකාව ඉන්ධන ගෙන්වීමේ දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත්, සාමාන්‍ය ජනතාව පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට යොමුවීම තුළින් මේ වනවිට දුම්රිය මගී ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩිවී ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

මෙරට දුම්රිය සේවය සතුව පවතින්නේ දුම්රිය 60 කට ආසන්න ප්‍රමාණයක් බවත්, මගීන්ගෙන් 8% – 10% ක් ගෙනියන දුම්රියට ඉන්ධන වැයවෙන්නේ 1% – 2% ක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා. එබැවින් මෙම ක්ෂේත්‍රය නවීකරණය සඳහා අලුත් දුම්රිය එන්ජින්, දුම්රිය මැදිරි, බස් රථ ගෙන ඒම සඳහා දැන්වත් ආණ්ඩුව විශාල ප්‍රාග්ධන ආයෝජනයක් කළ යුතු බවයි පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required