
”ටොමැටෝ ෆීවර්” හෙවත් තක්කාලි උණ වැළඳුණු වයස අවුරුදු පහට අඩු දරුවන් අසූ දෙදෙනෙකු පසුගිය දින දෙක තුළ ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා.
එරටින් හඳුනාගත් නව වෛරසයක් වන මෙය, කේරළ, ඔඩීෂා සහ තමිල්නාඩු ප‍්‍රාන්තවලින් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තා කළේ.
ආසාදිතයන්ගේ සිරුරේ රතු පැහැති වේදනාකාරී බිබිලි මතුවී ක‍්‍රමයෙන් බිබිලි තාක්කාලි ගෙඩියක ප‍්‍රමාණයකට විශාලවීම හේතුවෙනුයි මෙම වෛරස රෝගය තක්කාලි උණ ලෙස හඳුන්වා ඇත්තේ.
මේ වනවිට එරටින් 200 කට අධික කුඩා දරුවන්ට මෙම තක්කාලි උණ වැළඳී තිබෙනවා.