/
/
title icon
විදුලියෙන් ක්‍රියාත්මක බස් සේවාවක් ගැන අවධානය.
විදුලියෙන් ක්‍රියාත්මක බස් සේවාවක් ගැන අවධානය.
Editor
2 years ago
Share:
විදුලියෙන් ක්‍රියාත්මක බස් සේවාවක් ගැන අවධානය.

විදුලියෙන් ධාවනය වන ත‍්‍රිරෝද රථ හා බස් රථ මෙරටට හදුන්වාදීම සඳහා සහය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන තීරණය කර තිබෙනවා. ඊට අදාල මූලික සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ ඊයේ ප‍්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙරට තුළ ධාවනය කරන ලක්ෂ දහයකට වැඩි ත‍්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට ආරෝපනය කිරීම තුලින් ඉන්ධන ප‍්‍රශ්නයට පිළියමක් මෙන්ම මගීන්ට පහසු මිලකට ප‍්‍රවාහනය සලසා දීම මෙහි අරමුණයි.

මෙම වසර තුළ ත‍්‍රිරෝද රථ 300ක් විදුලි බලයට ආරෝපනය කිරීමට හා ඒ සඳහා ක‍්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ද එහි දී අවධානය යොමු වී තිබෙනවා. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් වෙන්කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මීට අමතරව කොළඹ නගරය තුළ විදුලියෙන් ක‍්‍රියාත්මක බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ද ඊයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required