
මෙවර යල කන්නයේ වී අස්වනු නෙලන ප‍්‍රදේශවලට ප‍්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් කිරීම සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ් පිළිබඳව වහාම සොයා බලන ලෙසයි අමාත්‍ය මණ්ඩලය ඊයේ රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.
දැනට අදාළ ප‍්‍රදේශවලට ඉන්ධන ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලය හමුවේ කරුණු දක්වා තිබෙනවා.
මේ අතර, සෑම ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු පත් කොට ඒ හරහා අධීක්ෂණ කටයුතු සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. පක්ෂ භේදයකින් තොරව අදාළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මන්තී‍්‍රවරුන් පත් කිරීමයි රජයේ අදහස වී ඇත්තේ. මේ පිළිබඳව ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩල හමුවේ දී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.
මේ අතර ලබන වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට අදාල යෝජනා ලබා දෙන ලෙසට ද අමාත්‍ය මණ්ඩලය රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.