
සුපර් ඞීසල් මෙටි‍්‍රක් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් අද දිවයිනට ළඟාවීමට නියමිතයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියානු යූරල් බොරතෙල් මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ 20,000 රැගත් නෞකාවද ඊයේ රාති‍්‍රයේ දිවයිනට ළඟා වූ බවයි.
ඔටෝ ඞීසල් රැගත් නෞකාවක් එළඹෙන 25 වනදා හෝ 26 වනදා දිවයිනට ළඟාවීමට නියමිත බවද අමාත්‍යවරයා නිකුත් කළ ට්වීටර් පණිවුඩයේ දැක්වෙනවා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් නෞකාවක් එළැඹෙන 27 ත්, 29 ත් අතර කාලයේදී දිවයිනට ළඟාවීමට නියමිතයි.
මේ අතර, භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු පෙරේදා දිනයේ සිට ආරම්භ කර ඇති බවද විෂයභාර අමාත්‍යවරයා නිකුත් කළ ට්වීටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.