
දින 04 ක් පුරා කුසගින්නේ සිටි තම දරුවන්ට ලබාදීම සඳහා සහල් කිලෝ 03 ක් සහ කුඩා ප‍්‍රමාණයේ ධාන්‍යමය ආහාර පැකට්ටුවක් සොරාගත් පියෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් බොරැල්ල ප‍්‍රදේශයෙන් වාර්තා වුණා.
දෙහිවල ප‍්‍රදේශයේ පදිංචි මෙම දෙදරු පියා බොරැල්ල ප‍්‍රදේශයේ සුපිරි වෙළඳසැලකින් මෙම භාණ්ඩ සොරාගෙන තිබූ අතර, වෙළඳසැලේ ආරක්ෂකයින් කරනු ලැබූ දැනුම් දීමකට අනුවයි පොලීසිය මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ.
කෙසේ වෙතත්, බොරැල්ල පොලිසියට රැගෙන ආ මෙම පියා සත්‍ය කරුණු ප‍්‍රකාශ කිරීමත් සමඟ එම සොරාගත් භාණ්ඩවල වටිනාකම පොලිස් නිලධාරියෙකු පියවා ඇති බවටයි වාර්තා වන්නේ. පසුව ඔහුට උපදෙස් ලබාදී මුදා හැරීමටද කටයුතු කර තිබෙනවා.