
පවතින තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව කැබිනට් මණ්ඩලයක් අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ සර්ව පාක්ෂික වැඩපිළිවෙල යටතේ මෙම නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.
ලබන 30 වනදා සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
මෙම නව කැබිනට් මණ්ඩලයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැනට අමාත්‍ය ධුර දරන මෙන්ම අමාත්‍ය ධූර දැරූ කිහිපදෙනෙකුද ඇතුළත් වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.