රුසියාව වෙත තැපැල් භාණ්ඩ යැවිමේ කටයුතු අද සිට යළි ආරම්භ කර තිබෙනවා.
තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කලේ රුසියාව වෙත යවන තැපැල් භාණ්ඩ භාර ගැනිමේ කටයුතු අද සිට තැපැල් කාර්යාලය හරහා සිදු වන බවයි.
ගුවන් ගමන් ගැටළු හේතුවෙන් පසුගියදා එරටට තැපැල් භාණ්ඩ යැවිමේ කටයුතු තාවකාලිකව නතර කර තිබුණා.