බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව වෙළඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු ප්‍රකාශ කළා.
බිත්තරයක් රුපියල් පනහකට අලෙවි කිරීමට අමාත්‍යවරයා අවසර ලබාදුන් බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ සිදුකළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් සහ වෙළ`ද අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු අතර සාකච්ඡාවක් වෙළඳ අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා.
එම සාකච්ඡාවෙන් අනතුරුව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සම ලේකම් දුමිෂ්ක සුබසිංහ කියා සිටියේ රුපියල් 50 කට බිත්තරයක් අලෙවි කිරීමට වෙළ`ද අමාත්‍යවරයා අවසර ලබාදුන් බවයි.