
තම නව හැවිරිදි දියණිය කෲර ලෙස වද හිංසාවට ලක් කළ මවක් මීරිගම, පල්ලෙවෙල පොලිසිය අද අත්අඩංගුවට ගත්තා.
පිළිස්සුම් තුවාල සහිත දැරිය වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර, ජාතික ළමාරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලක් මතයි මෙම මව අත්අඩංගුවට ගැනුණේ.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිවසේ ඇති වූ සංවාදයක් සිය හිතවතුන් සමග පැවසීමේ සිද්ධියක් මුල් කරගෙන ලෝහ හැන්දක් රත්කර සැකකාර මව දියණිය පුළුස්සා තිබෙනවා.