
පිටබැද්දර – උඩහඇල්ල ප‍්‍රදේශයේදී නිල්වලා ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් 04 දෙනෙකු දියේ ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.
මේ වනවිට ඔවුන් සොයා පොලිසිය, ප‍්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඔවුන් මිදිගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පිරිසක් වන අතර, අකුරැස්ස පොරුතොට ප්‍රදේශයේ සාදයකට පැමිණ මත්පැන් පානය කර මෙම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බව අනාවරණ වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.