
රුපියල් කෝටි 5 ක් පමණ වටිනා රත‍්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප‍්‍රංශයේ සිට පැමිණි යානයකින් අද අළුයම මෙම පුද්ගලයා දිවයිනට පැමිණ ඇති බවයි ගුවන් තොටුපල රේගුව සඳහන් කළේ.
එහිදී ඔහු සතුව තිබූ ගමන් මළු කිහිපයක් ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් පරික්ෂාවට ලක් කර තිබෙනවා.
එම අවස්ථාවේදීයි සූක්ෂම ලෙස මෙම රත‍්‍රං තොගය සඟවා තිබියදි රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු මාළඹේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.