/
/
title icon බිත්තර මිලේ වෙනසක් ඉදිරියේ.
බිත්තර මිලේ වෙනසක් ඉදිරියේ.
Editor
2 years ago
Share:
බිත්තර මිලේ වෙනසක් ඉදිරියේ.

බිත්තර සදහා පනවා ඇති පාලන මිල සංශෝධනය ඉදිරි සති දෙක ඇතුළත සිදු කිරීමට නියමිත බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

සුපිරි වෙළඳ ජාලවල අලෙවියට ඇති ඇසුරුම් කළ බිත්තර සදහා දැනට පනවා ඇති පාලන මිලෙන් අසාධාරණයක් සිදුවන බැවින් ඇසුරුම්කරණයට වැය වන මුදලද ඇතුලත් කර නව පාලන මිලක් නියම කිරීමටයි එම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඇසුරුම් කළ සුදු හා රතු හෝ දුඹුරු බිත්තර සදහා වෙන් වෙන් වශයෙන් පාලන මිල නියම කිරීමට නියමිතයි.

එහිදී ඇසුරුම්කරණයට අදාළ නිර්නායක පිළිබදව මේ වනවිට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය හරහා අවශ්‍ය සලකා බැලීම් සිදුකරමින් පවතින බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සඳහන් කළා.

කෙසේ වෙතත්, සුදු හා රතු හෝ දුඹුරු බිත්තර සදහා වෙන් වෙන්ව  රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට වෙළෙද අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු එකග වූ බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පසුගියදා අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව සඳහන් කළේ.

සුුදු බිත්තරයක උපරිම මිල රුපියල් 43ක් ලෙසත් රතු හෝ දුඹුරු බිත්තරයක උපරිම මිල රුපියල් 45ක් ලෙසත් පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගියදා පාලන මිලක් නියම කළා. ඊට බිත්තර නිෂ්පාදකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර මේ වනවිට වෙළෙදපොලේ බිත්තර හිගයක්ද පවතිනවා.

කෙසේ වෙතත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ අද සිට හිගයකින් තොරව වෙළඳපොලට බිත්තර නිකුත් කරන බවයි. ඒ රුපියල් 50ට අඩුවෙන් බිත්තර අලෙවි කිරීමට කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර සමග පෙරේදා පැවැත්වූ සාකච්ඡාවකදී එළඹි එකඟතාවක් මතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required