/
/
title icon
මෙරට සම්පත්, ණයවලට හිලව් කර ගැනීම ගැන වාර්තා අසත්‍යයි – චීන තානාපති කාර්යාලය.
මෙරට සම්පත්, ණයවලට හිලව් කර ගැනීම ගැන වාර්තා අසත්‍යයි – චීන තානාපති කාර්යාලය.
Editor
2 years ago
Share:
මෙරට සම්පත්, ණයවලට හිලව් කර ගැනීම ගැන වාර්තා අසත්‍යයි – චීන තානාපති කාර්යාලය.

ශ‍්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කිරීම වෙනුවට චීන ණය භාවිත කරමින් මෙරට ආරම්භ කර ඇති ව්‍යාපෘති සහ රාජ්‍ය වත්කම් පවරා ගැනීමේ සූදානමක් පවතින බවට පළවන වාර්තා අසත්‍යය බව මෙරට චීන තානාපති කාර්යාලය ප‍්‍රකාශ කළා. එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බවයි.

ශ‍්‍රී ලංකාව ලබාදී ඇති ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට අපහසු බවත්, අවශ්‍ය නම් චීන ණය භාවිත කරමින් මෙරට ආරම්භ කර ඇති ව්‍යාපෘති සහ රාජ්‍ය වත්කම් පවරා ගනිමින් ඒවා යම් ණය ප‍්‍රමාණයක් වෙනුවෙන් හිලව් කිරීමට සූදානම් බවට චීනය විසින් ශ‍්‍රී ලංකාවට දැනුම්දී ඇති බවට වාර්තා පළවුණා.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට පවතින ප‍්‍රධානතම බාධාව බවට පත්ව ඇත්තේ චීනය විසින් මෙරටට ලබාදී ඇති ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඔවුන් කැමැත්ත නොදැක්වීම බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ශ‍්‍රී ලංකාව, ඩොලර් බිලියන 7.1 ක පමණ ණය මුදලක් චීනයෙන් ලබාගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required