/
/
title icon බළල් අසූචි සහිත වෙළසැල් කෝට්ටේ මහ නගර සභා සීමාවෙන් සොයා ගැනේ.
බළල් අසූචි සහිත වෙළසැල් කෝට්ටේ මහ නගර සභා සීමාවෙන් සොයා ගැනේ.
Editor
2 years ago
Share:
බළල් අසූචි සහිත වෙළසැල් කෝට්ටේ මහ නගර සභා සීමාවෙන් සොයා ගැනේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අංශය විසින් පසුගියදා සිදුකල වැටලීමකදී බළල් අසූචි සහිත මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරමින් පවත්වාගෙන ගිය වෙළෙඳසැල් තිහක් සොයාගෙන පුද්ගලයන් අටදෙනෙකුට නඩු පවරා තිබෙනවා.

ඒ ප්‍රදේශයේ මහ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීමේ අරමුණින් කළ වැටලීමකදීයී.

එලෙස රාජගිරියේ පිහිටි ප්‍රසිද්ධ වෙලඳසැලක මුළුතැන්ගෙයෙහි බළල් අසූචි තිබෙනු දුටු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එම ආපනශාලාවට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

වරදේ ස්වභාවය මත රුපියල් පන්දහස, දහදහස සහ පහළොස් දහස වන පරිදි රුපියල් 82,500 ක දඩ මුදලක් වෙන් වෙන් වශයෙන් ඔවුන්ට නියම කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම වැටලීමේ දී ඇතැම් වෙළෙඳ සැල්වල පිසූ ආහාර සමඟ මස් මාළු ශීතකරණවල ගබඩා කිරීම, මැස්සන් මදුරුවන්ට වැසිය හැකි ආකාරයට වෙළෙඳසැල්වල ආහාර නිරාවරණය කර තිබෙනු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required