
හෙට පස්වරු 1 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී පස්වරු දෙක දක්වා ජනාධිපතිවරයා විසින් සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව ඊට පසුදින දක්වා කල් තැබෙනවා.
අනිද්දා සිට සැප්තැම්බර් මස 02 වනදා දක්වා පෙරවරු 9යි 30 සිට පස්වරු 5යි 30 දක්වා සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය දිවා ආහාර විවේකයෙන් තොරව පැවැත්වීමට නියමිතයි. දෙවනදා පස්වරුවේ ඊට අදාළ ඡුන්ද විමසීම පැවැත්වෙනු ඇති.
මේ අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ දිස්ති‍්‍රක් නායකයින් අද කොළඹට කැදවා තිබෙනවා. පෙරවරු 10ට නෙලූම් මාවතේ පිිහිටි එම පක්ෂ කාර්යාලයට පැමිණෙන ලෙසයි ඔවුන්ට දැනුම් දී ඇත්තේ.
එමෙන්ම සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ ප‍්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි.
මේ අතර වැටුප් නොලබා වැඩ කළ හැකි නම් තවත් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීමේ ගැටලූවක් නොමැති බව කී‍්‍රඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් තවත් අමාත්‍යවරු පත්කරන ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍ර කණ්ඩායම කර ඇති බව කියන ඉල්ලීම සම්බන්ධයෙන් කුරුණෑගල – වැල්ලවදී ඊයේ මාධ්‍යවේදීන් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින්.