ජාතික ඉන්ධන අවසර පත්‍ර කිව්.ආර්. ක්‍රමවේදය යටතේ පසුගිය අගෝස්තු මස 22 වැනිදා සිට 28 වැනිදා දක්වා වූ සතිය තුළ ගණුදෙනු පනස් ලක්ෂ 4,220 ක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ඒ අනුව දිනකට සිදුවූ ගණුදෙනුවල සාමාන්‍ය අගය හත්ලක්ෂ 14,889 ක් බවයි.
ඒ අනුව පසුගිය සතියේදී පෙට්‍රල් ලීටර් දෙකෝටි 27 ලක්ෂ 10,587 ක් කිව්.ආර්. ක්‍රමය උපයෝගී කරගනිමින් ජනතාවට නිකුත් කර ඇති අතර, නිකතු කර ඇත් ඩීසල් ප්‍රමාණය දැක්වෙන්නේ එක්කෝටි 38 ලක්ෂ 76,740 ක්.