
පහළ වායුගෝලීය කැළඹිලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ වර්ධනය වීමට අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ඒ අනුව දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි අපේක්ෂා කෙරෙනවා.