/
/
title icon
සංශෝධිත අයවැය අද පස්වරුවේ.
සංශෝධිත අයවැය අද පස්වරුවේ.
Editor
2 years ago
Share:
සංශෝධිත අයවැය අද පස්වරුවේ.

2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද සිදු කෙරෙනවා.

ඒ් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින්.

2022 වසර සඳහා වන අයවැය හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් අතර ජනාධිපතිවරයා පසුගිය 9 වනදා පාර්ලිමේන්තුවට විසර්ජන සංශෝධන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනු ලැබුවේ පවතින ආර්ථීක අර්බුදය සමඟ උද්ගත වූ කරුණූ සැලකිල්ලට ගනිමින්.

මෙම සංශෝධනයට අනුව ආණ්ඩුවේ අමාත්‍යාංශ සේවා වියදම මෙම වසර සඳහා ඇස්තමේන්තු කර මුදලට වඩා රුපියල් බිලියන 929යි දශම 4කින් ඉහළ දමා ඇත්තේ රුපියල් බිලියන 3,275 යි දශම 8ක් දක්වායි.

එමෙන්ම රජයේ ණය සීමාව රුපියල් බිලියන 3,200 යේ සිට රුපියල් බිලියන 4,042ක් ලෙස දැක්වෙනවා.

සංශෝධන පනත් කෙටුම්පත මගින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ රාජ්‍ය පරිපාලන හා පලාත් පාලන අමාත්‍යශයටයි. එය රුපියල් බිලියන 735ක්.

මුදල් හා ආර්ථීක ස්ථායිතා අමාත්‍යංශයට රුපියල් බිලියන 467ක් ද, ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 376ක් ද වෙන්කර තිබෙනවා.

අයවැය දෙවනවර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අද පස්වරු 1ට පමණ සිදු කිරීමට නියමිත අතර කෙටුම්පත පිළිබඳ විවාදය ලබන මස 2 වනදා දක්වා සිදු කිරීමට සැළසුම් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required