/
/
title icon
පෝලිම් වැඩිවීමට හේතුව පිරවුම්හල් හිමියන් කියයි.
පෝලිම් වැඩිවීමට හේතුව පිරවුම්හල් හිමියන් කියයි.
Editor
2 years ago
Share:
පෝලිම් වැඩිවීමට හේතුව පිරවුම්හල් හිමියන් කියයි.

බෙදාහැරීමේ ගැටළු අවම කරමින් මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව ඞීසල් මෙටි‍්‍රක් ටොන් 4,000 ක් සහ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 3,000 බැගින් නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මෙය හරහා මගී බස්රථවල සහ පාසල් වෑන් රථවල ඉන්ධන අවශ්‍යතාව සපුරාලීමට කටයුතු කර ඇති බවයි.

එසේම ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 35,000 ක නෞකාවක් ඊයේ රාත‍්‍රියේ ගොඩබෑම ආරම්භ කළ බවද එහි වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර ඛනිජ තෙල් සංස්ථාව චෙක්පත් ක‍්‍රමයට ඉන්ධන ලබාදීම අත්හිටුවීමත් සමඟ එකවර මුදල් ගෙවා ඉන්ධන ලබා ගැනීමට නොහැකි තත්ත්වය නිසා පෝලිම් වැඩිවී ඇති බව පිරවුම්හල් හිමියන් ප‍්‍රකාශ කළා. ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required