
2023 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.
ඒ සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 16,483 ක්.
පාසල් පෙළ පොත් සහ විභාග ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ආනයනය කරනු ලබන්නේ ඉන්දියානු ණය ආධාර යටතේයි.
ඊට අදාළ ලන්සු කැඳවීම සහ විවෘත කිරීම ආදී පියවර මේ වනවිටත් අවසන් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.