
උඩරට දුම්රිය මාර්ගයේ කිතල් ඇල්ල සහ හීල්ඔය දුම්රිය ස්ථාන අතර කි මි 166 කි මි කනුවට නුදුරින් දුම්රිය මාර්ගයේ තිබූ පුද්ගල මළ සිරුරක් නිසා දුම්රිය 3 ක් අතරමග නැවතී තිබෙනවා.
ඒ අනුව බදුල්ල සිට කොළඹ කොටුව බලා අද අළුයම 5.55 ට පිටත් වූ උඩරට මැණිකේ දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයේත්, කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු තැපැල් දුම්රිය දෙකක් බණ්ඩාරවෙල සහ හපුතලේද නතර කර තැබීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියා.
මෘත දේහය ඉවත් කිරීම සදහා හදිසි මරණ පරික්ෂකවරයෙක් පැමිණෙන තුරු බලාසිටිමට සිදුවන බවයි බන්ඩාරවෙල පොලිසිය සඳහන් කළේ.