
සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත‍්‍රික්ක සංවිධායක ලක්ෂ්මන් දිසානායකගේ කාර්යාලයේ තිබියදී වෙඩි වැදී මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඔහුගේ කෑගල්ල – කළුගල්ල මාවතේ පිහිටි කාර්යාලයේ සේවයේ නියුතු 38 හැවිරිදි කාන්තාවක් මෙලෙස වෙඩි වැදී ජිවිතක්ෂයට පත්වී ඇති බවයි.
ඇය කෑගල්ල – හබුඩුගල ප‍්‍රදේශයේ පදිංචි තැනැත්තියක්.
මෙම කාන්තාව වෙඩි තබා ඝාතනය කර ඇත්ද නැතහොත් වෙඩි තබා ගෙන සියදිවි හානි කර ගත්තේ ද යන්න පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.