බලයෙන් පහ කරන ලද මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට බරපතල වැඩ සහිත තවත් වසර 3 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ, මැතිවරණ වංචාවකට වරදකරු කරමින්.
නොබෙල් ත්‍යාගලාභී අවුන්සාන් සුඛී පසුගිය වසරේ සිදුකරන ලද හමුදා කුමන්ත්රණයකින් අනතුරුව රඳවාගෙන සිටින අතර, ඇයට දැනටමත් වසර 17 කට වැඩි සිර දඬුවම් නියම කර තිබෙනවා.
කෙසේ වෙතත්, අවුන්සාන් සුකී තමාට එරෙහි සියලූ චෝදනාවන් ප්‍රතික්ෂේප කරනවා.