ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශී‍්‍ර ලංකාව එළඹි කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම මූල්‍ය ප‍්‍රතිපත්තිවල තියුණු වෙනසක් පෙන්නුම් කරන සංඥාවක් බව ජාත්‍යන්තර ෆිච් රේටින්ස් ආයතනය ප‍්‍රකාශ කළා.
එමගින් සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති, විනිමය අනුපාත නම්‍යශීලීත්වය මෙන්ම මහ බැංකුවට වැඩි අධිකාරියක් ලබා දීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය මෙම වෙනස්කම් කි‍්‍රයාත්මක කිරීම සඳහා අතිශය වැදගත් වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මේ අතර වත්මන් දුෂ්කරතාවලට සහ ණය බර ලිහිල් කිරීම මෙන්ම තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට අඛන්ඩව සහය දෙන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඒ සඳහා වෙනත් රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ