/
/
title icon පළාත් පාලන මැතිවරණය ගැන මාර්තුවේ බලාපොරොත්තුවක්.
පළාත් පාලන මැතිවරණය ගැන මාර්තුවේ බලාපොරොත්තුවක්.
Editor
2 years ago
Share:
පළාත් පාලන මැතිවරණය ගැන මාර්තුවේ බලාපොරොත්තුවක්.

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසනවා. පළාත් පාලන මැතිවරණය 2018 පැවති අතර 2022 දී කාලය අවසන්වීමට නියමිතව තිබුණත් ඇමතිවරයාට ඇති බලතල යටතේ 2023 දක්වා ඒවායේ කාලය දික් කරනු ලැබුවා.

මැතිවරණ කොමිසමට ඇති බලතල යටතේ සැප්තැම්බර් 20 න් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පැවැත්වීමට හැකියාව ඇති බවද නීතිඥ පුංචිහේවා කියා සිටියා. ඡන්ද හිමිනාම ලේඛන ඔක්තෝම්බර් 31 වන දිනෙන් සහතික කරනු ලබන නිසා ඉන්පසුව දිනකදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව ද ඔහු සඳහන් කළා.

ගිය වර පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 5ක මුදලක් වැය වූ අතර මෙවර එම මුදල මිලියන අටත් දහයත් අතර වනු ඇතැයි විශ්වාස කෙරේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required