
එළඹෙන යල කන්නයේ සහ මෝසම් වැසි කාලය තුල මී උණ රෝගය බහුලව ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් සැලකිලිමත් වන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ, ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂානි දාබරේරා ජනතාවට දැනුම් දෙනවා.
මෙම වසරේ ගත වූ මාස 8 ක කාලය තුල මී උණ රෝගීන් 3500 ක් වාර්තා වී ඇති බවයි ඇය කියා සිටියේ.
මාර්තු සිට මැයි දක්වා මාස 3 ක කාලය තුල රෝගීන් බහුලව වාර්තා වී ඇති අතර, මී උණ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර, මොනරාගල, බදුල්ල සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කවලින්.