/
/
title icon යල කන්නයේ වැඩිම යූරියා උතුරු මැදට.
යල කන්නයේ වැඩිම යූරියා උතුරු මැදට.
Editor
2 years ago
Share:
යල කන්නයේ වැඩිම යූරියා උතුරු මැදට.

මෙවර යල කන්නයේ වී වගාව සඳහා ඉන්දිය ණය යෝජනා ක‍්‍රමය යටතේ ආනයනය කරන ලද යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු සාර්ථකව අවසන්වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ඒ අනුව, හෙක්ටයාර තුන්ලක්ෂ 4,734 ක වගා කර තිබූ ගොවීන් හාරලක්ෂ 90,515 කට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 29,740 යි දශම හතයි තුනක් බෙදාහැර ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

යල කන්නයේ වැඩිම කුඹුරු ප‍්‍රමාණයක් වගා කර ඇති උතුරුමැද පළාතට වැඩිම යූරියා පොහොර ප‍්‍රමාණය බෙදාහැර ඇති අතර, එය මෙට්‍රික් ටොන් 9,623 ක්.

වී වගාව සඳහා යූරියා පොහොර ලබාදීමට කටයුතු කිරීම හේතුවෙන් මේ වනවිට මෙරට වගා කරන ලද සමස්ත කුඹුරු ප‍්‍රමාණය හෙක්ටයාර පන්ලක්ෂ 12,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය රජය විසින් ලබාදුන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 න් මෙට්‍රික්ටොන් 35,000 ක් පමණ ඉතිරිව පවතින බවයි. එම පොහොර මහ කන්නයේ වගා කටයුතු සඳහා මේ වනවිටත් උතුරු පළාත සහ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත‍්‍රික්කයට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ගොවීන්ට අස්වනු නෙළීම සඳහා යන්ත‍්‍ර සූත‍්‍රවලට අවශ්‍ය ඉන්ධන ලබාදීම සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළද ගොවීන් පවසන්නේ එලෙස ලබාදෙන ඉන්ධන ප‍්‍රමාණවත් නොවන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required