
සංශෝධිත මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113 කින් අඩු කර ඇති අතර, මීට පෙර රුපියල් 4664 කට අලෙවි කළ එම ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 4551 ක්.
රුපියල් 1872 ක මිලකට අලෙවි කළ කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින් අඩු කර තිබෙනවා. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 1827 ක් ලෙසයි.
කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 21 කින් අඩු කිරීමටයි ලිට්රෝ සමාගම කටයුතු කර ඇත්තේ. ඒ අනුව රුපියල් 869 ක්ව පැවති එහි නව මිල වන්නේ රුපියල් 848 ක්.